skip to main |
skip to sidebar
ඉරි ඇදපු ලොවක් තුල
ඉරි දිගේ ඇවිදින්න....
ජීවිතය සොයාගෙන
එපා එහෙ මෙහෙ යන්න....
දැල් වු පහන් දැක
අදුරේම ඔබ ඉන්න....
මුනිවරුන් හැම තැනම
අපේ පව් අල්ලන්න....
මල් යහන විධිමත්
ඩබල් ලේයර් නැතුවත්
දුක මුහුන අරගත්
එය සැපක් කරගත්
මම ගොඩක් පොහොසත්
නුඹ සිතයි දුප්පත්
පෙනුම නම් වෙනකක්
නිදහසයි වැදගත්
සිහිනම දකින රටකත්
නින්ද යනු සැපතක්
මල් යහන විධිමත්
ඩබල් ලේයර් නැතුවත්
මහා ගසක් යට
සෙවනයි තමයි
ගල් ගොඩක් උඩ
තනිකම සැරයි
සීත වතුරත්
හදවත පෙලයි
අකාසේ නම්
සොඳුරුයි හැඩයි
ඔබ මතක් වී
කඳුලක් උනයි